බීවර් යනු ඉතා දක්ෂ ඉංජිනේරුවෙකු වේ.

 

බීවර් ජීවත් වන්නේ විලෝපිකයන්ගෙන් තම පැටවුන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇතුළු වීමට පිටවීමට සහ වාතාශ්‍රය ලබා ගැනීමට මීටර් කිහිපයක් දිග භූගත උමං සහිත ජලය මැද වාසස්ථානයක වන අතර මෙම වාසස්ථානය ස්ථාවරව පැවතීමට නම් එය එකතැන පවතින ජලය මත ගොඩනගා ගත යුතුය. වාසස්ථානය සෑදීමට පෙර බීවර් ගඟක් සොයමින් එහි වේල්ලක් ගොඩනඟා ජලය රැස් කර ගලා යාම නතර කරයි, මාස ගණන් ලී, බොරළු, මඩ එකතු කර පුදුමාකාර ලෙස වේල්ල ගොඩනගයි. වේල්ලේ දිය කාන්දුවක් ඇති වූ විට බීවර් කාන්දුව වහාම අලුත්වැඩියා කිරීමට ඉක්මන් වේ. 


බීවර්ගේ ව්‍යුහ විද්‍යාත්මක පැත්ත මෙසේය.


ඉතා ඝන සහ තියුණු දත් මොවුන්ට ඇත. කෘන්තක දත් අතු කැපීමට සහ පස හෑරීමට හැකි පරිදි සෑදීඇත. ශක්තිමත් හකු මාංශ පේශී ඇත. පිහිනීමටම සරිලන ලෙස ඇති අත් පා පිහිටා ඇත. තවද ජලයේ සීතලට ඔරොත්තු දීම සඳහා ඝන ග්‍රීස් තට්ටුවකින් ඔහුගේ ශරීරය ආවරණය වී ඇත. තවත් සුවිශේෂ කරුණක් වන්නේ මොවුන්ට ජලය ඇතුලත මිනිත්තු 15 ක්  පමණ  ඔහුගේ හුස්ම රදවාගත හැකිවීමයි. මෙය ඔහුට කැණීම් කටයුතු හෝ හරස් කිරීම සඳහා අතිශයෙන් ප්‍රයෝජනවත් වේ.




إرسال تعليق

Post a Comment (0)

أحدث أقدم