සීගීරියේ වාස්තු විද්‍යාවේ කැපී පෙනෙන අංගය වන්නේ එහි නාගරික සැලසුම්කරණයයි. ලාංකීය පැරණි නගර නිර්මාණ සැලසුම් අතර විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස සිගිරි නගර සැලසුම හදූන්වා දිය හැකිය. ලාංකිය වෙනත් නාගරික සැලසුම්වලින් යම් තරමකට හෝ සිගිරිය වෙනස් වන්නේ හුදෙක් එය ජනතාවගේ පාලන මධ්‍යස්ථානයක්ම වශයෙන් තිබු තැනැක් පමනක්ම නොව සෞන්දර්යාත්මක නිර්මාණයක්ද වු බැවිනි. පුරාණ නගරයක් සැලසුම් කිරීමේදී ආරක්ෂාව පිළිබදව සැළකිලිමත් වු බව පෙනේ.රාජ මාළිගාව පිහිටියේ නාගරික සංකීර්ණයේ මධ්‍යයේය.
සිගිරිය ගිරි දූර්ගයක් කේන්ද්‍ර කොට ගත් බලකාටුවකි. මෙම ස්ථානය දූර්ගයක් වු පමනින්ම ආරක්ෂාව ප්‍රමාණවත් වෙතැයි නොසිතා ඊට තවත් ආරක්ෂක විධි විධාන සම්පාදනය කළ බව පෙනේ. සිගිරියේ සැම නිර්මාණයක්ම සැලසුම්වන්නේ උතුරු දකුණු දිශානුගතව පිහිටි භුමියෙන් අඩි 600ක් තරම් උසවු හුදකලා පර්වතයක් කෙන්ද්‍ර කර ගනිමිනි.
එ අනුව නගරයද සැලසුම් කර ඇත්තේ උතුරේ සිට දකුණටත්,බටහිර සිට නැගෙනහිරටත් පර්වතය මැදින් එකිනෙක කැපි යන පරිදි සකස් කරන ලද මධ්‍ය රේඛාවක් මත පිහිටා ගෙන මෙහි මුලික සැලසුම සකස් කර ඇත්තේ ප්‍රධාන පර්වතය සහ භුමියේ ස්වාභාවික පිහිටිමට අනුගතවන පරිද්දෙනි. එ අනුව නගරයේ ප්‍රධාන ප්‍රවේශය බස්නාහිර අර්ධයට හිමිවී ඇති අතර වැඩිම නිර්මාණ දායකත්වයක් දක්නට ලැබෙන්නේ එම භුමි ප්‍රදේශය මුල් කරගෙනයි. මේ නිසා සිගිරි සැලසුම වශයෙන් බටහිර-නැගෙනහිර දිශානුගත වු ආයත චතුරස්‍රකාර ස්වරැපයක් ගනි.
إرسال تعليق