පාරිසරික සම්බන්ධතාවය
සීගිරියේ නගර සැලසුමේ වැදගත්ම අංගයක් වන්නේ ඊට පාරිසරික සම්බන්ධතාවයේ ඇති දායකත්වයයි. එය නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගෙන ඇති ආකාරය කිසිදු පුරාණ නගරයක දක්නට නොලැබෙන ලක්ෂණයක් බැවිනුත් ස්වභාවයෙන්ම සිගිරි නගරයට ලැබුනු දායාදයක් වශයෙනුත් හැදින්විය හැකිය. එනම් සිගිරි පර්වතය වටා පිහිටා ඇති පර්වත සමුහයයි. ඉන් ප්‍රධාන වන්නේ සිගිරියට උතුරින් පිහිටි පිදූරංගල පර්වතයයි. දකුණින් පිහිටි මාපගලත්,පෙතංගල,දූවන්නාගල හා තම්මැන්නාගල වැනි ස්ථානත් සිගිරිය හා සෘඡු සම්බන්ධකම් දැක්වු ස්ථාන බව පෙනේ. මෙම ස්ථාන සිගිරි නගරයේ ආරක්ෂා කටයුතු සදහා දායක වු බව නොරහසකි. කදූ වළල්ලක් මැද පිහිටි මේ අපුරු නිර්මාණය පුරාණ සැලසුම්කරුවන්ගේත්,ඉංජිනේරුවන්ගේත් අවධානයට ලක් විමෙන් ආරක්ෂිත රාජධානියක්,සැලසුම් සහගත නගරයක් මෙන්ම අලංකාර රාජමාළිගා සංකීර්ණයක් බවටද පත් වී ඇත
උද්‍යාන සැලසුම්කරණය
සීගිරියේ උද්‍යාන පිළිබදව සලකා බලන කල පැහැදිලි වනුයේ ලොව ඇති පැරණිතම උද්‍යානවලින් එකක් අතරට මෙයද අයත් වන බවයි. සීගිරි පර්වතයේ බටහිර අර්ධයේ දිය අගලින් සහ පවුරු වලින් වලින් වටවු තැනිතලා බිම්කඩ පුරා දක්නට ලැබෙන්නේ නොයෙන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් යුතුව නිර්මාණය කර ඇති අලංකාර උද්‍යානයයි. විශේෂයෙන්ම ජල රැදවුම් වලට මුල්තැනක් දෙමින් ඉතා ක්‍රමානුකූලව සහ සැලසුම් සහගත අයුරින් නිර්මාණය කර තිබෙන මේ උද්‍යානය වු කලි පුරාණ දකුණු ආසියාවේ ඇති උද්‍යාන පිළිබඳව දක්නට ලැබෙන හොඳම නිදර්ශනය සේ සැලකේ.
සීගිරි ගල පාමුල පිහිටි මාලක උද්‍යානය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ.
- ජල උද්‍යානය
- ශිලා උද්‍යානය
- මාලක උද්‍යානය
මෙම උද්‍යාන ක්‍රමවේද තුනම අනුගමනය කරමින් රජමාළිඟා උද්‍යානය නිම කර තිබේ.
Post a Comment