සීගිරි සංකීර්ණයේ සැලසුමට අනුව ඊට ප්රවිෂ්ඨ විම සදහා තනනු ලැබු නොයෙක් ආකාරයේ දොරටු රාශියක්ම සොයා ගෙන තිබේ. විශේෂයෙන්ම බටහිර ප්රවේශයේ වු දොරටු අතර බටහිර ඇතුල් දිය අගලින් ඇතුළුවන ස්ථානයේ ඇති දොරටුව ඉතා වැදගත් නිර්මාණයකි. ඉතා විසිතුරු මෙම දොරටුව සිගිරි සංකීර්ණයේ ප්රධානතම දොරටුව වුවාට සැක නැත. සීගිරියේ අනෙකුත් ප්රධාන දොරටු සැලසුම් කර ඇත්තේ පර්වතයට උතුරු හා දකුණු පැත්තෙනි.
ඉන් උතුරු දොරටුව පිහිටියේ පිදූරංගල පර්වතය පැත්තට මුහුණලාය. සිගිරි සැලසුමේ දකුණු පසින් දක්නට ලැබෙන දකුණු දොරටුව උතුරු දොරටුවට සෑම අතන්ම සමානත්වයත්වයක් දක්වයි. මේ දොරටුව ද දිය අගල හරහා යන බැම්මකින් සම්බන්ධ කර තිබෙන අතර මෙම පැත්තේද දිය අගලේ මට්ටම් කිහිපයක් දක්නට ලැබේ. මේ සියලු දොරටුවලට වඩා සුවිශේෂී නිර්මාණය වූයේ සීගිරි ගල මුදුනට නැගීමට තිබූ එකම දොරටුව වන සිංහ දොරටුවයි. මේ සියල්ල දෙස බැලීමේදී පැහැදිලි වනුයේ සීගිරි සංකීර්ණය සැලසුම් කිරීමේදී විවිධ ආරක්ෂිත උපක්රම අනුගමනය කරමින් සහ ස්වභාවික නිර්මාණයද පාදක කර ගනිමින් සීගිරි සංකීර්ණය සඳහා මාවත් මෙන්ම දොරටු ද නිර්මාණයකර තිබූ ආකාරයයි.
Post a Comment