සීගිරියේ විශේෂ ලක්ෂන
- නාගරික සැලසුම්කරණය
- ආරක්ෂාව පිළිබඳ උපක්‍රම
- පාරිසරික නසම්බන්ධතාවයේ ඇති දායකත්වය
- ලෙන් නිර්මාණය
- ගොඬනැඟිලි ඉඳිකිරීමේ වාස්තු විද්‍යාව
- නිර්මාණකරණය සඳහා ගල් භාවිත කිරීමේ ස්වරූපය
- හුණුගල් භාවිතය
- ගඩොල් භාවිතය
- ක්‍රි.ව.05වන සියවසේ පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
- ඉංජිනේරු විද්‍යාව
- ජල තාක්ෂණය(ජල උද්‍යානය,වතුර මල්,පොකුණු)
- ගෘහ නිර්මාණ ශිල්පය
- කලා ශිල්ප හා සාහිත්‍ය(කැටපත් පවුර,සීගිරි බිතු සිතුවම්,සිංහ පාදය)
- එකල පැවති ජන ජීවිතය(කැණීම්වලදී හමු වූ දෑ,සීගිරි සිතුවම්වල ඇති ආභරණ ,ඇඳුම් ආයිත්තම්) වැනි සංස්කෘතික සාධක රැසක් සීගිරියෙන් හමුවේ.
ක්‍රි.ව.1859දී එමර්සන් ටෙනන්ට් විසින් සීගිරිය පිළිබඳ ලියූ විස්තරයේ සීගිරිය තමා දුටු ස්වරූපය දක්වා තිබේ. සීගිරි වැව, කැටපත් පවුර, සීගිරි ගල, දිය අඟල් සහ රජ මාළිගය පිළිබදවත්, ඒවා නටඹුන්ව පවතින ආකාරයත් ඔහුගේ විස්තරයට අයත්ව තිබේ. එනම් සීගිරියේ ඇති සංස්කෘතිකමය අගනාකම්ය.
සීගිරිය මුද්දරයක් ලෙස ප්‍රවාරය වීම
සිගිරි ගලේ මුද්දර කථාව ආරම්භ වන්නේ වර්ෂ 1938 දීය. ඉංග්‍රීසි පාලනය පැවැති එකල ප්‍රධානියා වූ හයවන ජෝර්ජ් රජුගේ රූපය සමග සිගිරි ගල ප්‍රථමයෙන් මුද්දරයක පසුබිම සරසමින් සිගිරි ගලේ මුද්දර ජීවිතය ආරම්භ කරයි.
ඉන්පසු 50, 60, 80 දශක වලදී ශ්‍රී ලංකාවේදී ද ඉන්දියාව, එංගලන්තය, ජපානය ආදි රටවල් මෑත අතීතයේද සිගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදී ඇත්තේය. එදා සිලෝන් වල ශත දහයට මිලකර ඇත නමුත් මුද්දරය අදවන විට යුරෝ ශත 95ක් හෙවත් රුපියල් 170 කට පමන මිලකර ඇත.
ප්‍රංශයේ භාවිතය
සිගිරි බළකොටුවෙන් සැරසූ යුනේස්කෝ ලාංචනය පසුබිමට එක් කළ මිලිමීටර් 40×26 තිරස් හැඩති කුඩා මුද්දරය යුරෝ ශත 95කට මිල කර ඇත්තේය එක්පත් ඉරුවකට මුද්දර 50ක් ලෙස සකස් කොට මුද්දර ලක්ෂ හයක් නොවැම්බර් මස 12 වෙනිදා ප්‍රංශ තැපැල් පොලට නිකුත් කළේය.
මෙම මුද්දරයේ ඇති ලෝක පූජීත පසුබිමත් එහි නිර්මාන ශිල්පියත් ලොව පිලිගත් විශේෂ එකතුවක්වීම සීගිරි මුද්දරය ප්‍රංශයේ මෙන්ම ලෝකයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගත්තේය.
අවුරුදු 69ක් වයැසැති ප්‍රංශ ජාතික ජෝන් පෝල් වෙරෙට් ලෙමැරිනියෙර් මෙම සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරයේ නිර්මාණකරුවාය. ප්‍රංශ මුද්දර ලෝකයේ මුද්දර පියෙක් ලෙස ප්‍රංශ ජනතාවගේ බුහුමනට ලක්වූ ඔහුගේ නිර්මාණයක් වීමී ඉහත මුද්දරයට විශේෂ ස්ථානයක් හිමිවීමට හේතු කාරනා වුයේය.
සැරසීම හා කලා ශිල්ප විද්‍යාව පිලිබඳ ප්‍රංශයේ සුප්‍රසිද්ධ විද්‍යා පීඨයක්වූ පැරීසියේ එස්තියෙන් විද්‍යා පීඨයේ උසස් අධ්‍යාපනය අවසන් කල ඔහු 1977 දී ප්‍රංශයේ තැපැල් හා විදුලි සංදේශ පර්යේෂණ ආයතනයේ සේවයට එක්වුයේය.
ඔහුගේ ඇගිලි තුඩින් හැඩ ගැන්වූ සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරය ජාත්‍යයන්තර යුනේස්කෝ ලාංඡනය සහිතව ප්‍රංශ මුද්දර ලෝකයට එක්වුයේය.
පැරිස් අග නගරයේ පිහිටි ජාත්‍යයන්තර යුනේස්කෝ මුලස්ථානයේදි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ විශේෂ උත්සවයක් ද ඒ සදහා පැවැත්වුනි. අද ප්‍රංශයේ තැපැල් මළු සිගිරි බළකොටු ආරක්ෂාව ඇතිව ලොව වටා සැරිසරති.
Post a Comment