එළුවන් මරා ලේ බොන චුපකබ්රා

 ලංකාවේ විතරක් නෙවේ ලෝකයේ සෑම රටකම පාහේ මිනිසුන්ගේ සිතේ අමුතුම ආකාරයේ චකිතයක් ඇති කිරීමට සමත් ජනප්‍රවාද අසන්නට ලැබෙනවා. මේවා සමහරක් සත්‍ය විය හැකි අතර සමහරක් ඒවා අසත්‍ය ඒවා වෙන්නත් පුලුවන්. කෙසේවෙතත් මේ ජනප්‍රවාද වල ප්‍රධාන වශයෙන්ම එන දෙයක් තමා මේ අමනුෂ්‍යන් එහෙමත් නැත්තන් අමුතු ආකාරයේ අමනුෂ්‍ය ස්වරූප ගත්  සතුන් ගැන පැමිණෙන ජනප්‍රවාද. මේවා ලංකාවට විතරක් පොදු ඒවා නෙවේ. ගොඩක් ලංකාවෙ ඉන්න අය දරණ වැරදි අදහසක් තමයි මේවා මේ ලංකාවෙ මිනිස්සුන්ගෙ මනස්ගාත ඔය වෙනරටවල් වලනම් ඕවා මොකුත් නෑනෙ කියන එක. ඇත්තටම කිව්වොත් ඒ පිලිබඳව සොයා බලද්දි ලංකාවෙ ජනප්‍රවාද වලට වඩා ප්‍රබල ලෙස ජනගත වී ඇති ජනප්‍රවාද අපට නොයෙකුත් රට වලින් සොයා ගන්න දැන ගන්න හැකියාව ලැබෙනවා. ඒ රට ඇමරිකාව ද, රුසියාව ද, චීනෙ ද අදාල නෑ. මොකද කිව්වොත් මේ හැම රටකටම තම තමන්ට ආවේණික වූ අතීතයක් තියන නිසා... ඉතින් අද කතාකරන්නෙ ඒ වගේ ජනප්‍රවාද වල එන චුපකබ්රා නම් ලේ උරා බොන සත්ත්වයා ගැනයි. 


චුපකබ්රා කියල කියන්නෙ ලතින් ඇමරිකානු ජනප්‍රවාද වලින් පැවත එන ජනප්‍රිය පුරාවෘතයකි. ජනප්‍රවාදවල සඳහන් වන පරිදි චුපකබ්රාවරුන් සිදුකරන්නේ ගොවිපලවල්වලට වැද එහි සිටින සතුන් මරා ලේ බීමයි. ඔව්න් වැඩිපුරම කැමැත්තක් දක්වන්නේ එළුවන්ගේ ලේ වලට බව තමා සඳහන් වෙන්නේ. ඉතින් මේ චුපකබ්රා කියන නම හැදිලා තියෙන්නෙත් ඒ හින්දම තමා. මේ නම ස්පාඤ්ඤ නමක් වන අතර චුපාර් යනු "උරන්නා" යන අර්ථය ගෙන දෙන අතර කබ්රා යනු "එළු" යන අර්ථය ලබා දේ. එය "එළු උරන්නා" එහෙමත් නැත්තන් එළුවනේ ලේ උරා බොන්නා යන අර්ථය ලබා ගත හැකිය. මොව්න්ගේ ශරීරය අඩි පහක් පමණ දිගු වේ. ජනප්‍රවාද වල සඳහන් වන පරිදි එමෙන්ම හිසේ සිට වලිගය දක්වා කටු වැනි කොටස් පිහිටා ඇත. විශාල රත් පැහැ ඇස් දෙකක් සහිත මොවුන් දුටුවන් සිත සලිත කරන ආකාරයක් ගත්තේය. 


මේවා ජනප්‍රවාද වුවත් ඉතිහාසයේ පළමු වරට 1995 වසරේදි පමණ පුවර්ටෝ රිකෝ නම් දූපතේ දී (මෙය ඇමරිකාවට අර්ධ වශයෙන්‍ අයත් දූපතකි.) මැඩ්ලීන් ටොලෙන්ටිනෝ නම් කාන්තාව විසින් චුපකබ්රා සතෙකු දුටුවා යැයි පැවසීමත් සමගම මෙය සමාජය තුළ ඉතාම වේගයෙන් වර්ධනය වන්නට විය. 


    ඇය පැවසූ ආකාරයට ඇය සවස් කාලයේදී නිවස තුළට වී සිටින විටකදී නිවසට පිටතින් යම් කිසි ශබ්දයක් ඇසී ඇත. පසුව එම කාන්තාව නිවසේ ජනේලයක් විවෘත කර පිටත බලන අවස්තාවේදී දුටුවේ අඩි පහක් පමණ උස රතු වූ ඇස් සහිත සත්ත්වයෙකු තමන් දුටු බවයි. පසුවට පසුවට මේ ආකාරයේ සත්‍ත්වයන් මිනිස්සුන් දැක ඇතත් ඒවාගේ යම් යම් සමානකම් තිබුණත් පරස්පරතා බහුල විය. 


කෙසේවෙතත් සමහරක් විද්වතුන්  පැවසුවේ 1995 දී පැමිණි ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධයන් වූ Species (1995) නම් චිත්‍රපටයේ පැමිණි චරිතයන්ගෙන් ඔලුව මනස්ගාත වලින් පුරවා ගත් පිරිසක් මෙම බොරු ප්‍රචාර සමාජ ගත කරන බවයි. 


    යම් කාලයක් ගත වන විටදී නැවතත් මේ චුපකබ්රාවරුන් ගොවියන්ගේ ගොවිපලවල් වලට පැන ඔව්න්ගේ සතුන් මරා ලේ බී ඇති බව පවසන්නට පටන් ගත්තේය. කෙසේ නමුත් මේ ලේ බී ඇති බව තමන් දැනගත්තෙ කෙසේදැයි ඇසූ විට ගොවියන් පැවසූ ආකාරයට,  මැරී සිටි සතුන්ගේ සම කපා ගොවියන් පරීක්ෂා කර ඇතත් එම සතුන්ගේ ලේ තිබී නැත. මෙය ඉතාම සරළ විද්‍යාවත්මක කරුණකි. සිදුවී ඇත්තේ කිසියම් ආකාරකින් මෙම සතුන් මිය ගොස් ඇත. නමුත් ගොවියන් මෙය දකින විට පැය කිහිපයක් ගත වී හමාරය. ජීවියෙකු මිය ගිය වහාම රුධිරය පොම්ප කිරීම නවතී. පසුව සතුන්ගේ සියළු රුධිරය ගුරුත්වාකර්ෂණය නිසාවෙන් පොළොව දෙස ගමන් කොට ඝන වී ඇත. මේ හේතුව මත ගොවින් මියගිය සතුන් කපා බැලුවද රුධිරය ගලා නොයෙන බැවින් චුපකබ්රාවරුන් ලේ බී ඇති බවට නිගමනය කළේය. 


නමුත් ප්‍රශ්නය තවන ඉවර නැත. මේ සතුන් මරාදැමුවේ කව්ද යන්න තවම පැහැදිලි නැත. නමුත් නොබෝ කලකින්ම මේ චුපකබ්රා යැයි සැක කෙරූ සිරුරු හමු වී ඇත. ඔව්න් ගොවියන් දුටු රුවට සමාන ආකාරක් ගනී. කෙසේනමුත් පරීක්ෂණ වලින් තහවුරු වූයේ මොව්න් කොයෝට් නැමති කැලෑ බල්ලන් විශේෂයක් බවයි. නමුත් මොව්න්ගේ සම පිලිස්සී තිබූ අතර මයිල් දක්නට නොලැබුණි. පසුව තහවුරු වූයෙ මොව්න් හට මයිටාවන් විශේෂයක් ආසාදනය වී ඇති බවත් එමගින් මොව්න්ගේ සියලු මයිල් හැලී ඇති බවත් එම හේතුවෙන් ඔව්න් ඒ ආකාරයෙන් ශරීරය වෙනස් වී ඇති බවත්ය. ගොවිපලවල් වල සිටි එළුවන් ඇතුළු සතුන් මරා දැම්මේ මේ සුනඛ විශේෂය වන්නට ඇතැයි පසුව සොයාගන්නා ලදී. 


                      මේ සමගම මේ සම්බන්ධ කතාව තාවකාලිකව නිමා වුවත් රට රටවල් වලින් කිහිප සැරයක්ම මේ ඇත්ත ශරීර ලක්ෂණ වලට ගැලපෙන චුපකබ්රාවරුන් දුටු බව පවසයි. 


ලයික් කමෙන්ට්  කරල නොදන්න අයටත් කියවන්න ශෙයා කරන්න


#පයිරේට්ජැකා

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post