මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය

 


මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි යාරා පාර්ක් උද්‍යානයේ පිහිටා ඇති ක්‍රීඩාංගනයකි. මෙහි හිමිකාරිත්වය දරන්නේ මෙල්බර්න් ක්‍රිකට්‌ සමාජයයි. මෙම ක්‍රීඩාංගනය ලෝකයේ දසවන විශාලතම ක්‍රීඩාංගනය සහ ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ද වෙයි. එමෙන්ම ලෝකයේ උසම ක්‍රීඩා ආලෝක කුළුණු ඇත්තේද මෙම ක්‍රීඩාංගනයේය. රිච්මන්ඩ් නගරය, මෙල්බර්න් නගර මධ්‍යය සහ ජොලිමන්ට් දුම්රිය නැවතුම්පොළ පිහිටා ඇත්තේද ක්‍රීඩාංගනය අසලය.

මෙය විවෘත කරන ලද්දේ 1853දී ය. මෙම ක්‍රීඩාංගනයේ 1956 ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සහ 2006 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පවත්වා තිබේ. මීට අමතරව ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි දෙකක්ද පවත්වා ඇත, ඒ 1992දී සහ 2015දී ය.



Post a Comment

Post a Comment (0)

Previous Post Next Post